දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංගම රියැදුරන්ගේ නිවාඩු අවලංගු කෙරේ

දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංගම රියැදුරන්ගේ නිවාඩු අවලංගු කෙරේ

දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංගම රියැදුරන්ගේ නිවාඩු අවලංගු කෙරේ

කර්තෘ Sakila Udayakumara

08 Dec, 2017 | 7:08 am

දුම්රිය වැඩ වර්ජනය අවසන් වන තුරු සියලු බස් රථ සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් දෛනික බස් රථවලට අමතරව අතිරේක බස් රථ 400ක් ධාවනයට එක් කර ඇති බව ය.

ඒ අනුව බස් රථ 5600ක් පමණ ධාවනය වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද මෙහෙයුම් අධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]