දුම්රිය රියැදුරන් වර්ජනයක: දුරගමන් සේවා දුම්රිය කිහිපයක් අවලංගු කෙරේ

දුම්රිය රියැදුරන් වර්ජනයක: දුරගමන් සේවා දුම්රිය කිහිපයක් අවලංගු කෙරේ

කර්තෘ Hashini De Mel

07 Dec, 2017 | 6:13 am

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, දුම්රිය රියැදුරු සහායකයින් බඳවා ගැනීමේ පටිපාටිය සහ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනවලට පරිභාහිරව කටයුතු කිරීමට එරෙහිව තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අද උදෑසන කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබු යාපනය, බදුල්ල, මඩකලපුව දුම්රිය අවලංගු කළ බව ය.

මේ වනවිට මහනුවර දක්වා ගමන් ගන්නා මගින් සඳහා බස් රථයක් යොදවා ඇති බව ද දුම්රිය පාලක මැදිරිය පවසා තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අනෙකුත් ස්ථාන වෙත ද බස් රථ යෙදවීමට බලාපොරොත්තුවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]