පොල්, පරිප්පු හා අර්තාපල් සඳහා නව පාලන මිලක්

පොල්, පරිප්පු හා අර්තාපල් සඳහා නව පාලන මිලක්

පොල්, පරිප්පු හා අර්තාපල් සඳහා නව පාලන මිලක්

කර්තෘ Sakila Udayakumara

06 Dec, 2017 | 8:18 am

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා නව පාලන මිල ගණන් නියම කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, අදාළ ගැසට් පත්‍රය මේ සතිය ඇතුළත මුද්‍රණය කර නිකුත් කරන බව ය.

ඒ අනුව පොල් ගෙඩියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 75කි.

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ, රුපියල් 76කි.

පරිප්පු කිලෝග්‍රෑම් එකක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ, රුපියල් 130කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]