ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ භූචලනයක්

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ භූචලනයක්

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ භූචලනයක්

කර්තෘ Chathuranga Rajapaksha

06 Dec, 2017 | 10:20 pm

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ එරට වේලාවෙන් අද රාත්‍රි 8.49ට පමණ භූ කම්පනයක් සිදුව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙය රික්ටර් පරිමාණ 5.5ක අගයක් සටහන් වූ භූ කම්පනයක් බව ය.

දෙහෙරාදුන් නගරයේ සිට කිලෝමීටර් 121ක් නැගෙනහිර දෙසට වන්නට කිලෝමීටර් 30ක් පමණ පොළොව අභයන්තරයේ මෙය සිදුව ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙහි කම්පනය නවදිල්ලි නුවරටද දැනී ඇති බව ය.

කෙසේවෙතත්, මින් මෙතෙක් කිසිඳ ජීවිත හෝ දේපල හානියක් වාර්තා වී නොමැත.