අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ තහනම්

කර්තෘ Sakila Udayakumara

06 Dec, 2017 | 9:19 am

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම, සමාන ප්‍රශ්න සහිත පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, නීති විරෝධී ලෙස කටයුතු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දා ආරම්භ වන අතර දෙසැම්බර් 21 දක්වා පැවැත්වේ.

අයැදුම්කරුවන් 688,852ක් මෙවර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 5116ක විභාගය පැවැත්වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]