English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
03 Dec, 2017 | 6:50 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ මෙම ක්‍රීඩකයින්ට ස්වසන අබාධ ඇතිවී ඇති බව ය.
ඉන්දියාවේ දිල්ලි නගරයේ ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දෙවන දිනයයි.
ඉන්දීය නායක විරාත් කෝලි සිය ටෙස්ට් දිවියේ 6 වන ද්විත්ව ශතකය අද ලබා ගත්තේය.
වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක ලබාගත් ඉන්දීය ක්‍රිකට් නායකයා ලෙස වාර්තා අතරට එක්වූ කෝල් ලකුණු 243 කට දැවී ගියේය.
දිවා විවේකයෙන් පසුව තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේ මුඛ ආවරණ සහිතවයි.
වායු දූෂණය නිසා ඇතිවූ අපහසුතා මගහරවා ගැනීම සඳහා ඔවුන් එම පියවර ගෙන තිබුණි.
වායු දූෂණය නිසා පිටියේ පැවති තත්ත්වය හේතුවෙන් වරින්වර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට බාධා ඇතිවිය.
ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 536 ක් රැස් කර ගෙන සිටියදී තරගය තාවකාලිකව නතර කෙරුණේ ක්‍රීඩකයින් ඔවුන්ට ඇතිවූ අපහසුතා පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කිරීමෙන් පසුවයි.
එහිදී ඉන්දීය නායක විරාත් කෝලි ක්‍රීඩාගාරයේ සිට දැනුම් දුන්නේ සිය ඉනිම අත්හිටුවා පන්දු රැකීමට සූදානම් බව ය.
අනතුරුව පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු නොලබා දැවී ගියේය.
ඇන්ජලෝ මැතිව්ස් අද වාර්තා කළේ ටෙස්ට් දිවියේ 29 වැනි අර්ධ ශතකයයි.
තරගයේ දෙවන දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 ක් රැස් කරගෙන සිටියේය.
තරගය පැවැත්වෙන පිටියේ පරිසර තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තාවක් ලබාදෙන බව දන්වා ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
22 Dec, 2017 | 10:36 PM
02 Dec, 2017 | 10:06 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS