ශ්‍රී ලංකාවට යළි ත් වැඩ වරදින ලකුණු: කෝලිගෙන් සහ මුරලි විජේගෙන් ශතක

ශ්‍රී ලංකාවට යළි ත් වැඩ වරදින ලකුණු: කෝලිගෙන් සහ මුරලි විජේගෙන් ශතක

ශ්‍රී ලංකාවට යළි ත් වැඩ වරදින ලකුණු: කෝලිගෙන් සහ මුරලි විජේගෙන් ශතක

කර්තෘ Chathuranga Rajapaksha

02 Dec, 2017 | 10:06 pm

පන්දු රකිමින් සිටියදී ආබාධකයට මුහුණ දුන් සධීර සමරවික්‍රමගේ තත්ත්වය බරපතල නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඔහු මෙලෙස ආබාධයකට ලක්වුණේ අද දිල්ලිහිදී ආරම්භ වූ ශ්‍රී ලංකා සහ ඉන්දිය කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ය‍..

පළමු දිනට තරගය නරත කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 371 කි.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 42 කට සීමා කරමින් ශිකර් ධවාන් ලකුණු 23 කට දැවී ගිය අතර චෙතෙස්වර් පුජාරා ලකුණු 23 යි.

තරගයේ 30 වැනි පන්දුවාරයේ කඩුල්ල ආසන්නයේ පන්දු රකිමින් සිටි සධීර සමරවික්‍රමගේ අනපේක්ෂික සිදු වීමකට මුහුණ දුන්නේය.

හිස් ආවරණයේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අද වාර්තා කළේ ටෙස්ට් දිවියේ 20 වැනි ශතකයයි.

ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු මුරලි විජේ ලකුණු 155 ක් රැස් කළේය.‍

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]