පොල්පිතිගමදී හමු වූ ඇත් දල යුගල ගල්ගමුවේ දල පූට්ටුවාගේ බවට තහවුරු වෙයි

පොල්පිතිගමදී හමු වූ ඇත් දල යුගල ගල්ගමුවේ දල පූට්ටුවාගේ බවට තහවුරු වෙයි

කර්තෘ Hashini De Mel

28 Nov, 2017 | 7:02 am

පොල්පිතිගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු සතුව තිබී සොයා ගත් ඇත් දල යුගල සහ ගජමුතු ගල්ගමුවේ දල පූට්ටුවාගේ බව තහවුරු වී තිබේ.

තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, වනජීවි නිලධාරීන් අධිකරණයට ගොස් ඇත් දල යුගල පරීක්ෂා කළ බවයි.

එහිදී එම ඇත් දල යුගල දල පූට්ටුවාගේ බවට වනජීවි නිලධාරීන් ඊයේ දිනයේ තහවුරු කරගෙන ඇත.

ඇත් දල යුගලක් සොයා ගැනීමත් සමග ගල්ගමුවේ දල පූට්ටුවා සොයා වනජීවි නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ.

ඒ දල පූට්ටුවා කලකින් ඇස නොගැටීම හේතුවෙන් ඇති වූ සැකය මතයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අද දිනයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් දල පූට්ටුවාගේ මළ සිරුර සේවීමේ කටයුතු අරඹන බවයි.

දල පූට්ටුවා වල දමා ඇතැයි සැක කෙරෙන ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ වනජීවි නිලධාරීන් සහ පොලීසිය යොදවා ඇත.

වනජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඇත් දල දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 22 වන දා පොල්පිතිගමදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පොල්පිතිගම, හේරත්ගම ග්‍රාමසේවා නිලධාරිවරයෙකු වන අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]