හොර බොට්ටුවෙන් කැනඩාවට හා ඔස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පිරිසකට වැඩ වරදී

හොර බොට්ටුවෙන් කැනඩාවට හා ඔස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පිරිසකට වැඩ වරදී

කර්තෘ Hashini De Mel

27 Nov, 2017 | 10:55 am

නීති විරෝධි ලෙස කැනඩාව සහ ඔස්ට්‍රේලියාවට යාත්‍රා කිරීමට තැත් කළ පුද්ගලයින් 22 දෙනෙකු පුත්තලමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම පොලීසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනූව කළ සෝදිසි මෙහෙයුමකදී පුත්තලම ප්‍රදේශයේ රාජ්‍ය නොවන ආයතයක ගොඩනැගිල්ලක සිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් යාපනය, පුදුකුඩුඉරිප්පු, මන්නාරම, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 20ත් 35ත් අතර වයස්වල පසුවන්නන් වේ.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මුහුදු මාර්ගයෙන් අදාල රටවල්වලට යෑමට මෙම පිරිස සුදානමින් සිට ඇති බවයි.

සැකකරුවන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.