විරාත් කෝලිගෙන් ද්විත්ව ශතකයක්: ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

විරාත් කෝලිගෙන් ද්විත්ව ශතකයක්: ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

විරාත් කෝලිගෙන් ද්විත්ව ශතකයක්: ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

කර්තෘ Chathuranga Rajapaksha

26 Nov, 2017 | 6:55 pm

ටෙස්ට් දිවියේ 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි අද සමත් විය.

ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වැනි දිනයේදී ය.

අද දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 21 කි.

නාග්පුර්හිදී පැවැත්වෙන තරගය අද දිනය සඳහා ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දිය කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 312 ක් රැස් කර ගෙන සිටියේය.

ඉන්දීය දෙවැනි ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙස චෙතෙස්වර් පුජාරා දැවී ගියේ ලකුණු 143 ක් රැස් කර ගෙන සිටියදී ය.

ටෙස්ට් දිවියේ 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කළ නායක විරාත් කෝලි ලකුණු 213 ක් රැස් කළේය.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 610 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවනු ලැබිණි.

අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු නොලබා දැවි ගියේය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 349ක් පිටුපසින් සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]