රත්මලාන ගුවන් තොටුපොළ නවීකරණය කිරීමට සැරසෙයි

රත්මලාන ගුවන් තොටුපොළ නවීකරණය කිරීමට සැරසෙයි

රත්මලාන ගුවන් තොටුපොළ නවීකරණය කිරීමට සැරසෙයි

කර්තෘ Hashini De Mel

26 Nov, 2017 | 11:50 am

රත්මලාන ගුවන් තොටුපොළ දකුණු ආසියානු කලාපය කේන්ද්‍රකරගත් ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම තීරණය කර තිබේ.

රත්මලාන ගුවන් තොටුපොළ නවීකරණ වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර මීට අදාල යෝජනා අමාත්‍යංශය මගින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බව රත්මලාන ගුවන් තොටුපොළ කළමනාකරු, අරුණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඔහු සඳහන් කළේ, දැනට සිදු කෙරෙන දේශිය ගුවන් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමටත්, කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමටත් පියවර ගෙන ඇති අතර රත්මලාන ගුවන් තොටුපළේ පවතින ගුවන් හමුදා කඳවුර වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමටත් සැලසුම්කර ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]