යාපනයේ වරණි උතුර ගම්මානයට ගම්මැද්දෙන් පානීය ජලය

යාපනයේ වරණි උතුර ගම්මානයට ගම්මැද්දෙන් පානීය ජලය

කර්තෘ Chathuranga Rajapaksha

26 Nov, 2017 | 9:18 pm

ජන දුක සොයා යන ජනතා ප්‍රශ්න විසඳන ගම්මැද්ද ක්‍රියාන්විතය යාපනය, වරණි උතුර ගම්මානයේ පානීය ජල අවශ්‍යතා ඉටු කළේය.

ඒ, ජනතා සහභාගීත්වයෙන් රැස්කළ අරමුදලින් එම ජනතාවට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදෙමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ වරණි උතුරු ප්‍රදේශයේ ජනතාවට තිබූ ප්‍රධානතම ගැටලුව බීමට ප්‍රමාණවත් ජලය නොමැති වීමයි.

පවුල් 309 කට අයත් මෙම ගම්මානයේ ජනතාව පිපාසය සන්සිඳුවා ගත්තේ වර්ෂාවට පිරෙන දියකඩිත්තකිනි.

පානය කිරිමට නොහැකි ජලය සහිත පොඳු ළිඳකින් සෙසු අවශ්‍යාතා පිරිමැසුණි.

නිරන්තරයෙන් උරුමවන දැඩි පෑවිල්ල සෑම වර්ෂයකම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වුණේ මේ ජල සැපයුම් මාර්ග දෙකම සිඳී යාම හේතුවෙනි.

ඒ නිසාම පසුගිය ජුලි මස 01 වෙනිදා වරණි උතුර ගම්මානයේ ජනතාව වෙනුවෙන් ගම්මැද්ද වැඩ දහස යටතේ වැඩ ඇරඹුණු ජල ව්‍යාපෘතිය ඔවුන්ට නැවුම් බලාපොරොත්තුවක් එක් කළේය.

වරණි, උතුර කූලමින්ද්‍රපුලත්ත මුරුගමූර්ති හින්දු දේවස්ථානය ගම්වැසියන්ගෙන් පිරි ගියේ ඒ, බලපොරොත්තුව ඉටුවන දිනය අද උදාවිමත් සමගිනි.

වසර 30 ක් තිස්සේ පීඩා විඳි ජල ගැටලුවට පිළිතුරක් ලෙස අද ඔවුන් වෙත ලැබුණේ නල ළිඳකින් සමන්විත ජල ව්‍යාපෘතියකි.

ජනතා මුදලින් ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතියට නිව්ස්ෆස්ට්හී ක්‍රිස්ටිනා රත්නම් නායකත්වය ලබා දුන්නේය.

අද එය ජනතා අයිතියට පත් කෙරුණේ නිව්ස්ෆස්ට් සමාජිකයින්ගේද සහභාගිත්වයෙනි.

කේ.මයුරන් මහතා
නිව්ස්ෆස්ට් නව මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ

[quote]කෙනෙක් පහළට වැටුණොත් අත දෙන්න කෙනෙක් ඉන්න ඕන. ඒහෙම උස්සලා ගන්න අත්දෙකක් වගේ තමයි අපිත්. ඔබේ ජීවිත ඉදිරියට ගෙනියන්න ශක්තියක් වෙමින් අපි ඔබත් එක්ක හැමදාමත් ඉන්නවා. අපේ ආයතනය ඔබත් එක්ක ඉන්නවා වගේම රටේ ජනතාව අපිත් එක්ක ඉන්නවා. අපි මේ වගේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. දේශපාලනඥයින් තමන් වාසියක් වෙන පැතිවලට විතරයි යන්නේ. අපි යන්න ඕන ඉන්න මේ කුඩාම දරුවාගේ පවා ආනගතය සාර්ථකවන ඉලක්කයකට[/quote]

ප්‍රදේශවාසීන්

“අද අපි පොංගල් හදලා ලොකු උත්සවයක් පැවැත්තුවා ගොඩක් ස්තුතිවන් වෙනවා මේ උදව්වට”

“මේ සමාජ සේවය තමව ගොඩක් දුෂ්කර පැතිවලට අරන් යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා”