මාතර, නාවිමන ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

මාතර, නාවිමන ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

මාතර, නාවිමන ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

26 Nov, 2017 | 6:43 pm

මාතර, නාවිමන ප්‍රදේශයේ නිවසක තිබි කාන්තා මළ සිරුරු 2ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 40 ක් පමණ වන දියණියගේ සහ අවුරුදු 80 ක් පමණ වයසැති මවකගේ මළ සිරුරු එලෙස සොයා ගත් බව ය.

ඊයේ රාත්‍රි කාලයේදී ඔවුන් ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පල කළේය.

අද පස්වරු 3 ට පමණ ලද තොරතුරක් අනුව එම මළ සිරුරු සොයාගත් බව පොලීසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.