පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාලව නීතිමය තත්ත්වය සොයා බැලීමට නීතිපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාලව නීතිමය තත්ත්වය සොයා බැලීමට නීතිපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාලව නීතිමය තත්ත්වය සොයා බැලීමට නීතිපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

කර්තෘ Hashini De Mel

26 Nov, 2017 | 6:32 am

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල නීතිමය කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නීතිඥවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි නීතිමය තත්ත්වයන් පිළිබඳ අධ්‍යනයක් සිදුකරන බව ය.

අභියාචනාධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් ද විශේෂ අධ්‍යනයක් ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර 2015 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය සියලු කරුණු ඉදිරිපත් කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසා තිබේ.

එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, 2017 වසරේ සීමා නීර්ණ ගැසට් නිවේදනයට එරෙහිව පවරා ඇති අතුරු තහනම් නියෝගයට අදාලව ලබන 04 වන දා නීතිපතිවරයා අභියාචනාධිකරණයේ පෙනී සිටිමට නියමිත බව ය.

ඒ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙනි.

මේ අතර පළාත් පාලන ආයතන 93 ක් සඳහා ලබන 27 වන දායින් පසුව නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ තීරණය කර තිබේ.

ඒ කොමිසමේ සමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]