දැරණියගලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

දැරණියගලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

දැරණියගලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

කර්තෘ Hashini De Mel

26 Nov, 2017 | 2:38 pm

දැරණියගල, රංවල, මාලිබොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් සහ තව ත් පිරිමි අයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රි 7. 15 ට පමණ මෙම ඝාතන සිදු කර ඇති අතර ඝාතනයට ලක් ව ඇත්තේ, වයස 42 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි අයෙකි.

සැකකරු විසින් නිවසේ සිටි වයස සිව් හැවිරිදි සහ සත් හැවිරිදි දියණියන් දෙදෙනාට ද තුවාල සිදුකර තිබේ.

තුවාල ලැබු එම දරුවන් දෙදෙනා දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අනියම් සම්බන්ධතාවක් මත ඇති වු ආරවුලක් මෙම ඝාතනවලට හේතු වී ඇතැයි පොලීසිය පවසා තිබේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]