අද ත් ප්‍රදේශ රැසකට තද වැසි

අද ත් ප්‍රදේශ රැසකට තද වැසි

අද ත් ප්‍රදේශ රැසකට තද වැසි

කර්තෘ Hashini De Mel

26 Nov, 2017 | 7:53 am

අද ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසූවේ, මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර් 60 දක්වා වැඩිවිය හැකි බව ය.

මේ සමග ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 ත් දක්වා ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය.