ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් රැසකට පසුගිය මස වැටුප ලැබී නොමැති බවට චෝදනා

ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් රැසකට පසුගිය මස වැටුප ලැබී නොමැති බවට චෝදනා

ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් රැසකට පසුගිය මස වැටුප ලැබී නොමැති බවට චෝදනා

කර්තෘ Chathuranga Rajapaksha

25 Nov, 2017 | 8:44 am

එකම පාසලේ වසර 10 ක සේවා කාලයක් සපුරාලීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් රැසකට මෙතෙක් පසුගිය මස වැටුප් ලැබී නොමැති බවට ඔවුන් චෝදනා කරති.

එම ගුරුවරුන් සඳහන් කළේ, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ය.

මීට අමතරව කලාප අධ්‍යාපන කාර්යාලවලින් යළිත් වරක් තමන්ගේ අධ්‍යාපන සහතික ඇතුළු පිටපත් ලබාදෙන ලෙස දන්වා ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, ගුරුවරුන් මුහුණ පා ඇති මෙම දුෂ්කරතාව හේතුවෙන් සිසුන්ගේ ඉගැන්විම් ක්‍රියාවලියට ද බාධා මතුව ඇති බව ය.

මේ පිලිබඳව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකදී එහි ලේකම් තිස්ස හේවාවිතාන මහතා සඳහන් කළේ, මෙවැනි ගැටලුවක් වාර්තා වී නොමැති බව ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]