මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධිවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධිවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

25 Nov, 2017 | 1:42 pm

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධිවරයින් දෙදෙනෙකු හා යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

නාවික හමුදාව ප්‍රකාශ කළේ,  මන්නාරම මුහුදු තීරයට දකුණු ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

ඉදිරි නෛතික කටයුතු සදහා ධීවරයින් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිත බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පවසයි.

මේ අතර මෙරට මුහුදු සිමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට අත්අඩංගුවේ සිටින බව නිව්ස්ෆස්ට් කළ විමසුමකදි ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය ප්‍රකාශ කළේය.