කොළඹට අද පෙරවරු 8 සිට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹට අද පෙරවරු 8 සිට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹට අද පෙරවරු 8 සිට පැය 18 ක ජල කප්පාදුවක්

කර්තෘ Chathuranga Rajapaksha

25 Nov, 2017 | 6:36 am

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසකට අද පෙරවරු 8 සිට හෙට අලුයම 2 දක්වා පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජලය අත්හිටුවන ප්‍රදේශ අතරට දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස ප්‍රදේශ ද ඇතුළත් ය.

මේ අතර හෙට පස්වරු 6 සිට පසුදා අලුයම 3 දක්වා කොට්ටාව, පන්නිපිටිය, දෙපානම සහ රුක්මලේ යන ප්‍රදේශවලට ද ජල සැපුයම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ, පන්නිපිටිය ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියාවක් හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]