අගමැති ඇත්තටම බය නැද්ද?

අගමැති ඇත්තටම බය නැද්ද?

කර්තෘ Sakila Udayakumara

25 Nov, 2017 | 9:32 pm

මේ වන විට මහ බැංකු බැඳුම්කර වංචාව ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්වී හමාර යි.

ඒ, එම වංචාවෙන් රටේ ආර්ථිකටය සිදුවූ දැවැන්ත පාඩුව සහ එම වංචාවට රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් වීම ත් සමග ය.

පසුගියදා බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පෙනී සිටියේ ය.

එදින ඔහු බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 30කට වැඩි පිරිසක් සමග ය.

එදිනට පසු දිනම රට පුරා දැන්වීම් පුවරු, තාප්පවල දැක ගත හැකි වූයේ ‘බය නැති අගමැති’ ලෙස සඳහන් කරමින් මුද්‍රණය කෙරූ පෝස්ටර් ය.

මේ අතර මේ වන විට තවත් මාතෘකාවක් ඉස්මතු වී තිබේ.

ඒ විදේශ විනිමය පනත ය.

විදේශ විනිමය පනත හරහා බැඳුම්කර සිද්ධිය යට ගැසීමටත්, එම වංචාවට සම්බන්ධ වූ පුද්ගලයින්ව රැක ගැනීමේ උත්සහයක් ඇති බවට විද්වත්හු අදහස් පළ කරති.

කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම ආණ්ඩුව මේ දරණ ප්‍රයත්නය කුමක් ද?

මේ ඒ පිළිබඳව තවත් හෙළිදරව්වක්…