බොස්නියාවේ සර්බියානු හිටපු හමුදා ප්‍රධානී රට්කෝ ම්ලාඩිච්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

බොස්නියාවේ සර්බියානු හිටපු හමුදා ප්‍රධානී රට්කෝ ම්ලාඩිච්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

බොස්නියාවේ සර්බියානු හිටපු හමුදා ප්‍රධානී රට්කෝ ම්ලාඩිච්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කර්තෘ Sakila Udayakumara

22 Nov, 2017 | 8:26 pm

බොස්නියාවේ සර්බියානු හිටපු හමුදා ප්‍රධානී රට්කෝ ම්ලාඩිච්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය පියවර ගනු ලැබී ය.

ඒ, 1990 වසරේ බොස්නියානු යුද්ධයේදී ජන සංහාරයක් සිදු කිරීම හා තවත් කෘෘර ක්‍රියාවන් සිදු කිරීම යන චෝදනාවන්ට වරදකරු කරමිනි.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී හිටපු හමුදා ප්‍රධානියා අධිකරණය තුළ ඝෝෂා කරමින් හැසිරුණු අතර ඒ හේතුවෙන් ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙන ගියේ ය.

යුද සමයේ ඔහු සිදු කළ ජන සංහාරය නිසා බොස්නියාවේ මස් වෙළෙන්දා යන විරුදාවලියෙන් ද ඔහු හඳුන්වා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]