උඩරට සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කර්තෘ Chathuranga Rajapaksha

21 Nov, 2017 | 4:07 pm

දුම්රියක් පීලිපැනිම හේතුවෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල හා හැටන් අතරදී අද පෙරවරුවේ පීලි පැනිමකට ලක් වූ බව ය.

මේ අතර ගසක අත්තක් කඩා වැටිමෙන් අඩාල වූ කැලණිවැලි මාර්ගයේ ධාවන කටයුතු ද මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]