අතුරුදන්වූ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අතුරුදන්වූ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අතුරුදන්වූ පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කර්තෘ Sagarika Chathumali

12 Nov, 2017 | 4:31 pm

හැටන්, දිඹුලපතන බෝගහවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක තිබී අද උදෑසන හමුව තිබේ.

සය හැවිරිදි රාජේන්ද්‍රන් කුමාර් අස්වන් නමැති දරුවා පදිංචිව සිටියේ දිඹුලපතන බෝගහවත්ත මැද කොටස ප්‍රදේශයේයි.

මිත්තණියත් සමඟ ජීවත් වූ අස්වන් ඊයේ පස්වරුවේ සිටි පෙනෙන්නට නොසිටි බව ඥාතීන් පැවසීය.

අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන බෝගහවත්ත තේ කම්හල අසල ඇළ මාර්ගය පරීක්ෂා කිරීමේදී එහි තිබී අස්වන්ගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ, හැටන් දිසා විනිසුරු එස්. රාමමූර්තී මහතා විසිනි