යාල ජාතික වනෝද්‍යාන ප්‍රවේශ පත්‍ර වේලාවන්හි සංශෝධනයක්

යාල ජාතික වනෝද්‍යාන ප්‍රවේශ පත්‍ර වේලාවන්හි සංශෝධනයක්

කර්තෘ Hashini De Mel

09 Nov, 2017 | 9:17 am

යාල ජාතික වනෝද්‍යානයට පිවිසෙන ප්‍රවේශ පත්‍ර වේලාවන් අද සිට සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, චන්දන සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ, දෛනිකව අදියර දෙකක් යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බවයි.

නව ක්‍රමවේදය අනූව පළමු අදියර යටතේ උදෑසන 5.30 සිට පෙරවරු 11.00 දක්වා ප්‍රවේශ පත්‍ර නිකුත් කරණු ඇති.

එම කාලය තුළ ප්‍රවේශ පත්‍ර නිකුත් කරණු ඇත්තේ, සෆාරි ජීප් රථ 200 ක් සඳහා පමණ ය.

සවස 1.30 සිට පස්වරු 4.00 දක්වා ද සෆාරි ජීප් රථ 200 ක් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

එම කාලය තුළ වාහන ඇතුළු කිරීම ආරම්භ වන්නේ පස්වරු 2.00 සිට වේ.

ජනතාවගෙන් වන සතුන්ට සිදුවන බාධාවන් සහ වන උද්‍යාන ආරක්ෂා කිරීම, මෙම වැඩපිළිවෙලේ අරමුණ වේ.

මේ අතර විල්පත්තුව, උඩවලව ඇතුලු සියලු වනෝද්‍යානවලට ප්‍රවේශ වන වේලාවන් සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]