අද මැදියම් රැයේ සිට අල, ළූණු, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය 6ක මිල ගණන් පහළට

අද මැදියම් රැයේ සිට අල, ළූණු, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය 6ක මිල ගණන් පහළට

අද මැදියම් රැයේ සිට අල, ළූණු, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය 6ක මිල ගණන් පහළට

කර්තෘ Hashini De Mel

08 Nov, 2017 | 7:17 pm

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මිල ගණන් පහත යාම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අතර ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් ද එහිදී ඉඟියක් පළ විය.

මුදල් අමාත්‍ය, මංගල සමරවීර,

[quote]මේ මිල ගණන් අද රාත්‍රී 12 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අර්තාපල් සහ ලොකු ළූණු සඳහාවන වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 39 යකින් අඩු කළා. පරිප්පු කිලෝ එකක් වන බද්ද රුපියල් 12 කින් අඩු කළා. කරවලවල බද්ද රුපියල් 50 කින් අඩු කර තිබෙනවා. ඒගේ ම පොල් තෙල් එළවළු තෙල් කිලෝ එකක් සඳහා අය කරන බද්ද රුපියල් 25 කින් අඩු කරලා තියෙනවා. විශේෂයෙන් ම මේ තෙල් අඩු කිරීම තුළින් වෙළෙඳපොලේ ඇති පොල් මිලත් අඩු වෙන බවට අපි විශ්වාස කරනවා[/quote]

මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න,

[quote]අර්තාපල්වල ඒවගේ ම ලොකු ළූණුවල තෙල්වල කරවලවල පරිප්පුවල මිල සෑහෙන ප්‍රතිශතයකින් අද අඩු කරලා තියෙනවා. මේක ඇවිල්ලා ඇත්තටම සහනයක් වෙනවා පොදු ජනතාවට. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් මුදල් ඇමති කෙනෙක් අයවැයට පෙර අයවැයට ප්‍රථමයෙන් මේ වගේ දැන්වීමක් කලොත් සාමාන්‍යයෙන් බදු වැඩි කිරීමක් තමයි කරන්නේ. නමුත් අපි ඇත්තටම සන්තෝෂයි අද බඩු මිල පහත දාන්න මේ කරලා තියෙන ප්‍රකාශය ගැන[/quote]

මතු ව ඇති තෙල් අර්බුදය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් විමසූහ.

මුදල් අමාත්‍ය, මංගල සමරවීර,

[quote]නැහැ ඇත්ත වශයෙන් ම මේ පෙට්‍රල් අර්බුදය ගැන අපි ඇත්ත වශයෙන්ම බලවත් සේ කම්පනයට පත්වෙනවා. ඇත්ත වශයෙන් ම ජනතාවගෙන් සමාව ඉල්ලනවා. එය ඒ සම්බන්ධයෙනුත් මම හිතන්නේ විශේෂ ප්‍රවෘත්තියක් මෙහෙන් නෙමෙයි තව කොහෙන් හරි තමුන්නාන්සේලාට දැනගන්න ලැබේවි.[/quote]

මාධ්‍ය ප්‍රශ්නය,

[quote]මොනවගේ ප්‍රවෘත්තියක් ද?[/quote]

මුදල් අමාත්‍ය, මංගල සමරවීර,

[quote]මගෙන් අහන්න එපා[/quote]

2018 සඳහා වන අයවැය යෝජනා හෙට පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඉදිරිපත් වන මංගල අයවැය ලේඛනය මෙය වන අතර එය යහපාලන රජය පත්වීමෙන් පසුව ඉදිරිපත් වන තුන්වන අයවැය ලේඛනය ද වේ.

මේ අතර මුදල් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අද අයවැය ලේඛනයේ අවසන් විමසාබැලීම්වල ද නිරත වී තිබේ.

ශ්‍රී ලංකාව 21 වැනි මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන 72 වන අයවැය ලේඛනය හෙට පස්වරු 3.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]