බැඳුම්කර ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ ධූර කාලය ලබන 8 වන දා යින් අවසන්

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ ධූර කාලය ලබන 8 වන දා යින් අවසන්

කර්තෘ Hashini De Mel

07 Nov, 2017 | 8:13 pm

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය ලබන 8 වන දායින් අවසන්වීමට නියමිතව තිබේ.

දැනට කොමිසම ඉදිරියට ගෙන්වීමට නියමිතව ඇත්තේ, තාක්ෂණික නිලධාරිවරයෙකු සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මැදිහත්වීම් පිළිබඳව අවස්ථා කිහිපයකදී කරුණු ප්‍රකාශ විය.

අගමැති කාර්යාලය පසුගිය මාසයේ නිවේදනය කළේ, තම නම කොමිසමේදී විටින් විට සඳහන්වන බැවින් ඒ සම්බන්ධයෙන් ඕනෑම පැහැදිලි කිරීමක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා සුදානම් බවයි.

අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්නාවලියක් යොමුකර තිබූ අතර ඊට දිවුරුම් ප්‍රකාශයක් හරහා පිළිතුරු ලැබී ඇති බව පසුගිය සතියේ කොමිසම රැස් වූ අවස්ථාවේ එහි සභාපති විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ප්‍රකාශ කළේ ය.

නමුත් කොමිසමට තවත් පැහැදිලි කිරීම් සහ වෙනත් සාක්ෂිවල අවශ්‍යාතාවයක් ඇති හෙයින් ඉදිරි සති කිහිපය තුළ කොමිසම ඉදිරියට පැමිණෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතවේ.

කොමිසම තවත් දින 2ක් පමණක් රැස්වීමට නියමිත අතර ලබන 16 වන දා සන්නිවේදන විශ්ලේෂකයෙකුගේ සාක්ෂි කැඳවීමට සැලසුම් කර ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවට පැමිණීම ඇත්තේ දැනට ප්‍රකාශයට පත් නොකළ එක් දිනක් පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]