උග්‍ර වායු දූෂණය හමුවේ නවදිල්ලියේ පාසල් දින කිහිපයකට වසා දැමීමට බලධාරීන් සැරසෙයි

උග්‍ර වායු දූෂණය හමුවේ නවදිල්ලියේ පාසල් දින කිහිපයකට වසා දැමීමට බලධාරීන් සැරසෙයි

කර්තෘ Chathuranga Rajapaksha

07 Nov, 2017 | 4:52 pm

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් දින කිහිපයක් වසා දමන ලෙස දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින් කේජ්රිවාල් ඉල්ලා සිටියේය.

දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද දින දිල්ලි අගනුවර වායු දූෂණය ඉතා උග්‍ර තත්ත්වයකට පත්ව ඇතැයි වායු ගුණාත්මක දර්ශකය පෙන්නුම් කිරීමෙන් අනතුරුවයි.

මේ හේතුවෙන් මෙම දින කිහිපයකට දිල්ලි අගනුවර පාසල් වසා දමන ලෙස දිල්ලි අධ්‍යාපන අමාත්‍ය මනීෂ් සිසෝදියා ගෙන් ඉල්ලා සිටි බව දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරට ත් කියා සිටියේය.

_2eae4130-c38c-11e7-94e0-d13ec9d58666

Delhi

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]