සෞදි අරාබියේ රජ කුමරුන් 11ක් අමාත්‍යවරුන් 4ක් දූෂණ මර්දන කමිටුවේ රැඳවුම් භාරයට

සෞදි අරාබියේ රජ කුමරුන් 11ක් අමාත්‍යවරුන් 4ක් දූෂණ මර්දන කමිටුවේ රැඳවුම් භාරයට

සෞදි අරාබියේ රජ කුමරුන් 11ක් අමාත්‍යවරුන් 4ක් දූෂණ මර්දන කමිටුවේ රැඳවුම් භාරයට

කර්තෘ Sakila Udayakumara

05 Nov, 2017 | 12:54 pm

සෞදි අරාබියේ රජ කුමරුන් 11 දෙනෙකු, අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු පිරිසක් එරට නව දූෂණ මර්දන කමිටුවේ රැඳවුම් භාරයට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ අතර හිටපු අමාත්‍යවරුන් 12කට අධික සංඛ්‍යාවක් ද වන බව ය.

ඔවුන්ගේ නාමාවලිය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

රාජ නියෝගයකට අනූව සෞදි රජ කුමරු විසින් නව දූෂණ මර්දන කමිටුව ඊයේ පත් කරනු ලැබී ය.

එම කමිටුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමේ මෙන් ම විදෙස් ගමන් තහනම් කිරීමේ බලතලවලින් සමන්විත ය.