” වංචාව, දූෂණය, හොරකම, නාස්තිය දේශපාලකයින්ට කැප නැහැ” – ජනපති

” වංචාව, දූෂණය, හොරකම, නාස්තිය දේශපාලකයින්ට කැප නැහැ” – ජනපති

කර්තෘ Hashini De Mel

05 Nov, 2017 | 8:14 pm

ජනතාව මැතිවරණවලදී ඡන්දය භාවිත කළ යුත්තේ වංචාවෙන්, දුෂණයෙන් තොර ජනතා නියෝජිතයින් වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන,

[quote]ජනාධිපති හොරකම් කරනාවා නම් ජනාධිපතිගේ පල්ලෙහා ඉන්න අය හොරකම් කරනවා. ඇමති හොරකම් කරනවා නම් ඇමතිගේ පල්ලෙහා ඉන්න අය හොරකම් කරනවා. ඒක පහළට ම ගලා යනවා. පළාත් සභව, ප්‍රාදේශීය සභාව, නිලධාරීනු ත් ඒ විදිහට යනවා. ඒක නිසා මේ වංචාව, දූෂණය හොරකම, නාස්තිය මේවා දේශපාලකයන්ට කිසිසේත් ම කැප දේවල් නෙවෙයි. ඒවා අකැප දේවල් ඒවා නොකළ යුතු දේවල්. ඒතුළ තමයි දේශපාලන ව්‍යාපරයක් ශක්තිමත් වෙන්නේ. ඒ කුළ තමයි රටක පාලනය ශක්තිමත් වෙන්නේ. ඒ තුළ තමයි පිරිසිදුව වැඩ කරන්න වෙන්නේ. අපේ ජාතික සම්පත් ජාතික දේපළ, රාජ්‍ය දේපළ රාජ්‍ය වත්කම්, මේවා ආරක්ෂා කරගෙන ජනතාවගේ දේවල් අපි ආණ්ඩුවක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසයි මම හැම වේලාවේ ම කියන්නේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අපි ගෙනියන්නට ඕනේ. ඒ සඳහා සියලු දෙනා ඒකාරාශී වෙන්න ඕනේ[/quote]