මෙවැනි ව්‍යාපෘති තුළින් රටට සිදුවන්නේ හානියක් නොවේ ද?

මෙවැනි ව්‍යාපෘති තුළින් රටට සිදුවන්නේ හානියක් නොවේ ද?

කර්තෘ Hashini De Mel

05 Nov, 2017 | 9:25 pm

පරිසර වාර්තා නොතකමින් මධ්‍යම අධිවේගයේ ඉදි කිරීම් සිදු කිරීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් ව ඇති බවට කුරුණෑගල, හේනමුල්ල ජනතාව චෝදනා කර තිබේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවෙමින් පවතින්නේ මෙම මධ්‍යම අධිවෙගී මාර්ගයේ දෙවන අදියරයි.

මෙම ඉදි කිරීම් සිදු කිරීමේදී පරිසර වාර්තාවලට අවනත නොවන පරිදි උපරිම ශබ්ද සීමාව ඉක්වමා ප්‍රදේශයේ සිදු කරන ඉදි කිරීම් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් වන බව ප්‍රදේශවාසීන් පැවසූහ.

ඔවුන් පැවසූවේ, ගල් වෙඩි දැමීම හේතුවෙන් තමන්ගේ නිවෙස් ඉරි තලා ගොස් ඇති බවයි.

මේ අතර මෙම අධිවේගී මාර්ග ඉදි කිරීම හේතුවෙන් තම ගොවිතැන් කටයුතුවලට ද බාධා මතු ව ඇති බව කුරුණෑගල හේනමුල්ල ගොවීන් ද පවසා තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරට චීන එක්සිම් බැංකුවෙන් ද දෙවන අදියරට දේශීය බැංකු දෙකකින් ද තුන්වන අදියරට ජපානයේ ටෝකියෝ මිට්ෂුබිසී බැංකුවෙන් ද අධික පොලියට දැඩි කොන්දේසි මත ණය ගැනීමට සිදු ව තිබේ.

පරිසර වාර්තා නොතකමින් මාර්ගයේ දෙවැනි අදියරේ ඉදි කිරීම්වලට ජනතා විරෝධය.

මහත් ආන්දෝලනකට ලක්වූයේ මධ්‍යම අධි‍වේගී මාර්ගයේ තුන්වන අදියරයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව ජපාන සමාගම් දෙකකට.

සහනාදායි පොලියකට ණය ලබා ගැනීමට ඇති අවස්ථා මග හැරගනිමින් අධික පොලියකට ණය ගැනීමේ සූදානමක්.

ඉංජිනේරු ඇස්තමේන්තුව රු. බිලියන 123ක් තිබියදී රු. බිලියන 134කට කොන්ත්‍රාත්තුව ලබාදීමේ තීරණයක්.

කොන්ත්‍රාත්තුව පිරිනැමූ බව කියන එක් ජපාන සමාගමකට එරට සාධාරණ වෙළඳ කොමිසමෙන් වරක් බරපතළ අපරාධ චෝදනා.

මෙවැනි ව්‍යාපෘති තුළින් සිදුවන්නේ රටට හානියක් නොවේ ද ?

අවධානයට..