බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

කර්තෘ Sakila Udayakumara

05 Nov, 2017 | 6:27 am

බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ, අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධික ලෙස පෙට්‍රල් ගබඩා කර තබා ගැනීමට ජනතාව යොමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ය.

දින කිහිපයකට සරිලන තරම් පෙට්‍රල් තොග රජය සතුව පවතින බව ද මාරසිංහ මහතා සඳහන් කළේ ය.

පෙරේදා පස්වරුවේ සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි පෝලිම් දක්නට ලැබිණි.

මීට හේතු වුයේ අයි.ඕ.සී. සමාගම ගෙන් වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොරවීමත් සමග ප්‍රතික්ෂේප වීම ය.

මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් සැපයීමේ අඩුවක් දක්නට ලැබිණි.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ, අනියත බියකින් තොරව සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්‍රල් භාවිත කරන ලෙස ය.

මෙම තත්ත්වය මත ජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බව නිරීක්ෂණය වුවත් ඉන්ධන අවශ්‍යතාවයෙන් 80% ක් සැපයීමට හැකිව තිබෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ ද ඊයේ රාත්‍රියේත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ, ඩීසල් සහ භූමිතෙල් සැපයීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]