තෙල්ගමුව ඔයේ ගිලී අතුරුදන් වූ කුඩා දැරියකගේ සිරුරක් සොයා ගැනේ

තෙල්ගමුව ඔයේ ගිලී අතුරුදන් වූ කුඩා දැරියකගේ සිරුරක් සොයා ගැනේ

තෙල්ගමුව ඔයේ ගිලී අතුරුදන් වූ කුඩා දැරියකගේ සිරුරක් සොයා ගැනේ

කර්තෘ Sakila Udayakumara

05 Nov, 2017 | 10:45 am

මාතලේ තෙල්ගමුව ඔයේ ඇටන්වල ප්‍රදේශයේ දිය නාමින් සිටියදී හදිසි දිය පහරකට හසුව අතුරුදන් වූ කුඩා දැරියකගේ සිරුරක් අද පෙරවරුවේ සොයා ගත්තේ ය.

පොලීසිය සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව ය.

අතුරුදන් වූ දෙදෙනෙකු සොයා නාවික හමුදාව, විශේෂ බලකා කිමිදුම් කණ්ඩායම් , ජීවිතාරක්ෂක බලකාය සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක ය.

මිය ගිය 5 දෙනෙකුගේ සිරුරු මේ වන විට දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

ඒ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින්ගේ දෙදෙනෙකු වේ.

මිය ගොස් ඇත්තේ, නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.