කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හෙට යළි විවෘත කෙරේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හෙට යළි විවෘත කෙරේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හෙට යළි විවෘත කෙරේ

කර්තෘ Sakila Udayakumara

05 Nov, 2017 | 6:38 am

වසා දමා තිබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හෙට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය අතුල රණසිංහ මහතා පැවසුවේ, ඒ අනුව අද පස්වරුව වන විට සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බව ය.

සිසුන් දෙපිරිසක් අතර, ඇතිවූ ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තාවකාලිකව වසා දැමුණේ, මීට සති 2කට පෙර ය.

සිසුන් සහ පාලනාධිකාරිය අතර පැවති සාකච්ඡාවලින් පසු නැවත අධ්‍යයන කටයුතු සඳහා ශාස්ත්‍ර පීඨය විවෘත කෙරෙන බව ද ඔහු පැවසී ය.