එළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළට

කර්තෘ Sakila Udayakumara

05 Nov, 2017 | 6:52 am

රට පුරා එළවළු මිල මේ වන විට යළි ඉහළ ගොස් තිබේ.

අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ අමුමිරිස්, අර්තාපල්,ලොකු ළූණු, තක්කාලි, තලනබටු ඇතුළු එළවළු වර්ග රැසක් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 අධික මිලකට අලෙවි වන බව ය.

පවතින තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව පාරිභෝගික ජනතාව පවසයි.

පසුගිය මස පැවති වර්ෂාවත් සමග එළවළු සැපයීම අඩුවීම හේතුවෙන් එළවළු මිල ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ විගණන නිළධාරී අයි.ජී. විජේනන්ද මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, තවදුරටත් එළවළු මිල ඉහළ යා හැකි බව ය.

මේ අතර කොළඹ මැනින් වෙළෙඳපොළේ ද එළවළු මිල ගණන් 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව එහි සභාපති ගාමිණි හඳුන්ගේ මහතා පවසයි.

ඔහු පැවසුවේ, වෙළෙඳපොළට දෛනිකව ලැබෙන එළවළු තොග ලැබීම් පහත වැටීම ඊට හේතු වී ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]