ඉන්දීය ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඉන්දීය ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඉන්දීය ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කර්තෘ Hashini De Mel

05 Nov, 2017 | 10:03 pm

ටෙස්ට් තරග තුනකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරිණි.

පකිස්ථාන සංචාරයේදී දක්ෂතා ප්‍රදර්ශනය නොකළ කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා හා නුවන් ප්‍රදීප් මෙවර සංචිතයෙන් ඉවත්කර තිබේ.

තරගාවලිය ටෙස්ට් තරග තුනකින් එක්දින තරග තුනකින් පන්දුවාර 20 යි 20 තරග තුනකින් සමන්විත ය.

ඒ සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර කණ්ඩායම මෙහෙය වන්නේ දිනේෂ් චන්දිමාල් වේ.

ආබාධයක් හේතුවෙන් පකිස්ථාන සංචාරයට සහභාගීනොවූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද මෙවර සංචිතයට ඇතුළත් ය.

මෙවර සංචිතය සඳහා වයස අවුරුදු 19 න් පහළ කොදෙව් ” ඒ ” සංචාරයේදී දක්ෂතා අතරට පිවිසි දසුන් ශානක හා ධනංජය සිල්වා ද ඇතුලත් වේ.

තරගාවලියේ පළමු තරගය එලැඹෙන 16 වන දා කොල්කටාහී ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වේ.

මේ අතර 2019 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ඉදිරි වසර 3 ක කාලය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ධූරයට හිටපු ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පත්කළ බවට නිල වශයෙන් දැනුම් දුන්නේ ය.