දප්පුල ද ලිවේරා වැඩ බලන නීතිපති ධුරයට

දප්පුල ද ලිවේරා වැඩ බලන නීතිපති ධුරයට

දප්පුල ද ලිවේරා වැඩ බලන නීතිපති ධුරයට

කර්තෘ Sagarika Chathumali

05 Nov, 2017 | 2:59 pm

වැඩ බලන නීතිපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා පත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ, නීතිපති, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නිල සංචාරයක් සඳහා විදෙස්ගත වීම හේතුවෙන් නව පත් කිරිම සිදු කළ බවයි.

ඒ අනුව ලබන 16 වන දා දක්වා වැඩබලන නීතිපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුලද ලිවේරා මහතා කටයුතු කරනු ඇති.

බැදුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම සඳහා සහය වන නිතීඥ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ද වැඩ බලන නීතිපති අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.