බොලිවුඩ් සිනමාවේ සදාකාලික ප්‍රේමවන්තයා සිය 52 වන උපන් දිනය සමරයි

බොලිවුඩ් සිනමාවේ සදාකාලික ප්‍රේමවන්තයා සිය 52 වන උපන් දිනය සමරයි

බොලිවුඩ් සිනමාවේ සදාකාලික ප්‍රේමවන්තයා සිය 52 වන උපන් දිනය සමරයි

කර්තෘ Sakila Udayakumara

02 Nov, 2017 | 9:37 pm

බොලිවුඩ් සිනමාවේ සදාකාලික ප්‍රේමවන්තයා..

එසේත් නැතිනම් කින්ග් කාන් හෙවත් ෂාරුක් ඛාන් අද සිය 52 වන උපන් දිනය සමරයි.

ෂාරුක් ඛාන් 1965 වර්ෂයේ නොවැම්බර් 02 වන දා මෙලොව එළිය දුටුවේ ය.

සිය සිහිනය සැබෑවක් කර ගනිමින් බොලිවුඩ් සිනමාවට පිවිසි ෂාරුක් දශක ගණනාවත් සිය ආධිපත්‍ය පතුරුවාලමින් බොලිවුඩය අක්‍රමණය කළේ ය.

ෂාරුක් ඛාන් සිය උපන් දිනය ඇලිබුග්හි පිහිටි සිය නිවසේදී සිය සමීපතයින් පිරිසක් සමග සැමරූ බව විදෙස් පුවත් වාර්තාවල සඳහන් ය.

චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්, දිපිකා පදුකෝන්, ආලියා බාත්, කත්‍රිනා කයිෆ්, අරෝරා සහෝදරියන් ඇතුළු කලාකරුවන් රැසක් ඊට එක්වූහ.

ෂාරුක්ගේ රසිකයින් රැසක් ඔහුගේ නිවස ඉදිරිපිට සිට ඔහුට සුබ පැතුම් එක්කළ බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]