English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
01 Nov, 2017 | 7:34 am
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ කොළඹදී පැවැත්විණි.
2016 සහ 2017 තරග සමයේ දේශීය මෙන් ම ජාත්‍යන්තර තරග බිමේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කණ්ඩායම්, විනිසුරුවන් හා මාධ්‍යවේදීන් ඇගයීම සම්මාන උළෙල පැවැත්වීමේ අරමුණ යි.
මෙවර සම්මාන උළෙලේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ, කුසල් මෙන්ඩිස් ය.
මේ අතර වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් දිනාගත් අතර වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරා සම්මාන දිනා ගත්තේ ය.
වසරේ දක්ෂතම එක්දින පිතිකරු, එක්දින පන්දු යවන්නා හා දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන පිළිවෙලින් කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල්ට හා අසේල ගුණරත්නට හිමි විය.
මේ අතර පන්දුවාර 20 යි 20 තරග පිටිය තුළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ඇගයීමේදී දක්ෂතම පිතිකරු හා දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේ, අසේල ගුණරත්න යි.
20යි 20 ක්‍රිකට් පිටියේ දක්ෂත ම පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග සම්මාන දිනා ගත්තේ ය.
28 Jan, 2019 | 10:39 PM
20 Dec, 2018 | 07:09 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS