ලක් සතොසින් සහල්, පරිප්පු මිල අද සිට පහළට

ලක් සතොසින් සහල්, පරිප්පු මිල අද සිට පහළට

ලක් සතොසින් සහල්, පරිප්පු මිල අද සිට පහළට

කර්තෘ Sagarika Chathumali

01 Nov, 2017 | 4:12 pm

අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සහ පරිප්පු මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සකච්ඡාවකදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් සඳහන් කළේ, ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 78 ක මිලකටත් නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 74 ක මිලකටත් අලෙවි කෙරෙනු ඇති බවයි.

පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 148 ක් දක්වා අඩු කර ඇති බව ලංකා සතොස සඳහන් කළේ ය.

ලංකා සතොස සියලු අලෙවි සැල් හරහා නව මිල යටතේ මෙම ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යංශය පැවසී ය.