පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයට අද අත්සන් තැබේ

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයට අද අත්සන් තැබේ

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයට අද අත්සන් තැබේ

කර්තෘ Sakila Udayakumara

01 Nov, 2017 | 6:47 am

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද අත්සන් තැබීමට නියමිත ය.

ඒ අනුව පසුගියදා සංශෝධනයට ලක්වූ පළාත් පාලන ආයතන පනතට අනුව ඉදිරි මැතිවරණ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය අද දිනයේම රජයේ මුද්‍රණාලය වෙත යවන බව ය.

අදාළ ගැසට් පත්‍ර‍ය ප්‍ර‍කාශයට පත් කිරීමෙන් අනතුරුව පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට නීත්‍යනුකූල බලය හිමි වන බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]