රුපියල් 1,680,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග ලාංකික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් 1,680,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග ලාංකික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් 1,680,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග ලාංකික කාන්තාවක් අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

31 Oct, 2017 | 10:44 am

රුපියල් 1,680,000 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවක අද උදෑසන රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ඇය සන්තකයේ තිබී සිගරට් 33,600 ක් රේගු භාරයට ගෙන ඇති බව ය.

ඇය ඩුබායි සිට මෙරටට පැමි‍‍ණ ඇති බව ඔහු සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ ය.

මේ අතර කුවෙට් සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනකු ද විදේශී දුම්වැටි තොගයක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශීය සිගරට් කාටුන් 88ක් ඇතුළු රුපියල් 888,000ක් වටිනා දුම්වැටි තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.

සැකකරුවන් රුපියල් 350,000ක දඩයකට යටත්ව මුදා හැර ඇති අතර දුම්වැටි තොගය රාජසන්තක කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]