ඔස්ට්‍රේලියානු වැඩ බලන අග්‍රාමාත්‍යවරිය ලෙස ජූලි බිෂොප් පත් කෙරේ

ඔස්ට්‍රේලියානු වැඩ බලන අග්‍රාමාත්‍යවරිය ලෙස ජූලි බිෂොප් පත් කෙරේ

ඔස්ට්‍රේලියානු වැඩ බලන අග්‍රාමාත්‍යවරිය ලෙස ජූලි බිෂොප් පත් කෙරේ

කර්තෘ Sakila Udayakumara

28 Oct, 2017 | 7:25 pm

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, එරට වැඩ බලන අග්‍රාමාත්‍යවරිය ලෙස විදේශ අමාත්‍ය ජූලි බිෂොප් පත් කර තිබේ.

ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීමට නුසුදුසු බව එරට මහාධිකරණය ඊයේ තීන්දු කළේ ය.

එම දේශපාලන වාතාවරණයත් සමග අද හදිසි කැබිනට් සාකච්ඡාවක් පැවැත්විණි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ටර්න්බූල් විසින් වැඩ බලන අග්‍රාමාත්‍ය ධූරය සඳහා ජූලි බිෂොප් පත් කරනු ලැබී ය.

පවතින තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ටර්න්බුල් සිය ඊශ්‍රායල් සංචාරය ද දින කිහිපයකට ප්‍රමාද කර තිබේ.

ඔහුගේ විදෙස් සංචාරය හේතුවෙන් ධූරයේ වැඩ බැලීම සඳහා ජූලි බිෂොප් පත් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.