ඔස්ට්‍රේලියාවේ උප අගමැතිවරයාට තවදුරටත් එම ධූරයේ රැඳී සිටිය නොහැකි බවට එරට මහාධිකරණයෙන් තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ උප අගමැතිවරයාට තවදුරටත් එම ධූරයේ රැඳී සිටිය නොහැකි බවට එරට මහාධිකරණයෙන් තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ උප අගමැතිවරයාට තවදුරටත් එම ධූරයේ රැඳී සිටිය නොහැකි බවට එරට මහාධිකරණයෙන් තීන්දුවක්

කර්තෘ Sakila Udayakumara

27 Oct, 2017 | 10:08 am

ඔස්ට්‍රේලියාවේ උප අගමැතිවරයාට තවදුරටත් එම ධූරයේ රැඳී සිටිය නොහැකි බව එරට මහාධිකරණය අද තීන්දු කළේ ය.

එරට මහාධිකරණය එම නියෝගය කළේ, උප අගමැති බාර්නබී ජොයිස් ඇතුළු දේශපාලනඥයින් 7 දෙනෙකුට එරෙහිව පැවති ද්විත්ව පුරවැසි චෝදනා සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අධිකරණ තීන්දුවෙහි දැක්වෙන්නේ, උප අගමැතිවරයා ඇතුළු දේශපාලනඥයින් 4 දෙනෙකු එරට ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව ය.

ද්විත්ව පුරවැසි චෝදනාවට ලක්වූ අනෙක් දේශපාලනඥයින් තිදෙනා පසුගිය ජූලි මාසයේදී සිය ධූරවලින් ඉවත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයකින් තේරී පත් වීම තහනම් වේ.