බදුල්ලේදී හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බදුල්ලේදී හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

26 Oct, 2017 | 12:04 pm

හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බදුල්ල දිස්ත්‍රික්ක විෂ මත්ද්‍රව්‍ය ඒකකය කළ වැටලීමකදී ය.

‍එහිදී පැකට් 209ක අසුරා තිබූ රුපියල් ලක්ෂ 09 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 17ක් සොයාගෙන තිබිණි.

ඔවුන් නව ගෙවීම් ක්‍රමවේදයක් උපයෝගී කර ගනිමින් බදුල්ල, බණ්ඩාරවෙල, හාලිඇල සහ ඇටම්පිටිය යන ප්‍රදේශවල මෙම ජාවාරම මෙහෙයවා ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය විය.

ඔවුන් රුපියල් 2300 බැගින් හෙරොයින් පැකට්ටුවක් අළෙවි කර ඇත.

මීට අමතරව ඔවුන් සතුව තිබී ජංගම දුරකතන 11 ක්, ඒවා ප්‍රවාහනය යොදාගත් වෑන් රථයක් සහ දත්ත සටහන් පොතක් ද හමු වී තිබේ.

සැකකරුවන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]