මධ්‍යම අධිවේගයේ තෙවන අදියර : ඇමති කිරිඇල්ල ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව පිළිබඳ අනාවරණයක්

මධ්‍යම අධිවේගයේ තෙවන අදියර : ඇමති කිරිඇල්ල ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව පිළිබඳ අනාවරණයක්

කර්තෘ Hashini De Mel

25 Oct, 2017 | 8:16 pm

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරට අදාල ව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය 10 වන දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවක් පිළිබඳවයි මේ අනාවරණය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා ණය දෙන ආයතනනයේ අවශ්‍යතාව මත පාරිසරික හා සමාජීය නිසි සැලකිල්ල පිළිබඳව යළි අධ්‍යනයනයක් සිදු කළ යුතුව ඇතැයි මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

ඒ සඳහා යන වියදම දේශීය අරමුදල්වලින් ලබාගැනීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

ඩේලී එෆ්. ටී පුවත්පත පසුගිය දා වාර්තා කළ පරිදි ජපානයේ සමාගමක් විසින් සිදු කරන මෙම අධ්‍යයනය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල යෙන් මිලියන 30 ක් වේ.

එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 40 කි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු දෙවන හා තුන්වන අදියරවලට සහන පදනමින් රාජ්‍යයන් අතර ණය පහසුකම් ලබාගැනීම මගහැරී ගියේ විධිමත් පරිසර අධ්‍යයනයක් හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවළියක් නොමැති බව පවසමිනි.

ඒ අනුව තුන්වන අදියර සඳහා ජපානයේ බිට්ෂුබිසී බැංකුවෙන් අධික පොලියට විවිධ ගෙවීම් ද ඇතුළත් කර ණය ලබාගැනීමට සිදුව තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි ණය මුදලක් ලබා ගැනීමේදී රජය වෙනුවෙන් ඇප විය යුතුයි.

එවැනි ඇපයක් ඇත්නම් යළි ත් පාරිසරික හා සාමාජීය නිසි සැලකිල්ල පිළිබඳව අධ්‍යයනයක් අවශ්‍ය ද?

මේ අතර අමාත්‍ය කිරිඇල්ල මහතා පවසන පරිදී මේ කොටසට අදාල ව පරිසර අධ්‍යයනයක් සිදු කර ඇත්නම් යළි ත් එවැන්නක් කුමකට ද?

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]