දඹුල්ලේදී බස් රථ 2ක් ගැටී 12ක් රෝහලේ

දඹුල්ලේදී බස් රථ 2ක් ගැටී 12ක් රෝහලේ

කර්තෘ Sakila Udayakumara

25 Oct, 2017 | 6:38 am

දඹුල්ල, කුලාගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙක් තුවාල ලැබූහ.

අනතුර සිදුවුණේ, දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේදී ය.

අප වාර්තාකරු පැවසුවේ, අනුරාධපුරයේ සිට මාතලේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අනුරාධපුරයේ සිට නුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව ය.

බස් රථවල රියැදුරන් දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනා අතර ගැබිණි මව්වරුන් දෙදෙනෙකු ද වන බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

ඔවුහු දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.