විමල් වීරවංශ කළ ප්‍රකාශය පිළිබඳ අවාධානය යොමු කර පියවර ගන්නා බව කථානායක කියයි

විමල් වීරවංශ කළ ප්‍රකාශය පිළිබඳ අවාධානය යොමු කර පියවර ගන්නා බව කථානායක කියයි

කර්තෘ Hashini De Mel

24 Oct, 2017 | 7:49 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය දිනක කර තිබූ ප්‍රකාශය පිළිබඳව යළි පාර්ලිමේන්තුව රැස් වූ විගස අවාධානය යොමු කර සුදුසු ඉදිරි පියවර ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.

කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, වීරවංශ මහතා කළ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම හා මහජන නියෝජිතයින්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් බලවත් තර්ජනයක් බවට බොහෝ පිරිස් කථානායකවරයාට පෙන්වා දුන් බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව පිළිබඳව පළ කර ඇති මෙම තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින් හෝ සුළුවෙන් නොතකන ලෙස එම සෑම පාර්ශවයක් ම කථානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]