‘මුරලිට’ වළ කපන්න හැදූ ඩැරල් හෙයාර්ට කළ කම් ඵල දීලා

‘මුරලිට’ වළ කපන්න හැදූ ඩැරල් හෙයාර්ට කළ කම් ඵල දීලා

කර්තෘ Kumudu Jayawardana

24 Oct, 2017 | 4:09 pm

ලොව මෙතෙක් පහළ වූ හොඳ ම පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රිකට් දිවිය විනාශ කිරීමට තැත් කළ ඔස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් මේ වන විට අතිශයින් අපකීර්තිමත් ජීවිතයක් ගත කරමින් සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මුදල් හොරකමක් සම්බන්ධයෙන් ඔහු එරට ඔරේන්ජ් ප්‍රදේශයේ අධිකරණයකදී වැරදිකරු වී ඇති බව ය.

ඒ, එම ප්‍රදේශයේ මත්පැන් අලෙවි සලකින් අමෙරිකානු ඩොලර් 9005.75ක් සොරකම් කිරීමක් සම්බන්ධයෙනි.

ඔහු මේ වන විට දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වී ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුගේ ප්‍රතිරූපයට ඉමහත් කැළලක් සිදුව ඇතැයි අධිකරණය ප්‍රකාශ කළේ ය.

ඩැරල් හෙයාර් පිළිබඳව සලකා බැලූ අධිකරණය මාස 18ක් ඇඟ බැඳීමකට ලක් කර ඇති අතර වංචා කළ මුදල යළි ගෙවන ලෙසට ද නියෝග කර තිබේ.

ඊට අමතරව, උපදේශන සේවා හරහා ඔහුගේ අයහපත් දිවි පෙවෙත වෙනස් කිරීමට ද අධිකරණය උපදෙස් දී ඇත.

ටෙස්ට් තරග 78ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස දායක වී ඇති ඩැරල් හෙයාර් 1995 වසරේදී මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කිරීම නිසා වඩාත් කතාබහට ලක් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]