BREAKING : ජපන් මහ මැතිවරණයෙන් අගමැති ෂින්සෝ අබේගේ සන්ධානයට විශිෂ්ට ජයක්

BREAKING : ජපන් මහ මැතිවරණයෙන් අගමැති ෂින්සෝ අබේගේ සන්ධානයට විශිෂ්ට ජයක්

BREAKING : ජපන් මහ මැතිවරණයෙන් අගමැති ෂින්සෝ අබේගේ සන්ධානයට විශිෂ්ට ජයක්

කර්තෘ Sagarika Chathumali

23 Oct, 2017 | 6:33 am

ජපාන මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ පාලක සන්ධානය දැවැන්ත ජයක් අත්කරගෙන තිබේ. 

ජපාන රාජ්‍ය රූපවාහිනය නිවේදනය කළේ, ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන සංඛ්‍යාව 312 ක් ජයගෙන ඇති බවයි.

ඒ අනුව එම පක්ෂයට ජපාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය යළි හිමිවනු ඇති.

මැතිවරණ ජයත් සමගම ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට තවත් වසර 3ක් සඳහා බලය හිමි වේ.

ඒ අනුව 2012 වසරේදී ජපාන අගමැති ලෙස තේරී පත්වූ අබේ ඉතිහාසයට එක් වන්නේ එරට වැඩිම කාලයක් අගමැති ධුරය හෙබවූ රාජ්‍ය නායකයා ලෙසයි.

ජපාන ස්වයං ආරක්ෂක බලකාය, ජාතික හමුදාවක් බවට පත් කිරීම අගමැති ෂින්සෝ අබේගේ මෙවර මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුව බවට විය.

මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු අවධාරණය කළේ උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවයි.

ජපානය මුහුදුබත් කරන බවට උතුරු කොරියානු නායකයාගේ අනතුරු ඇඟවීම් හා හොකයිදෝ දූපත් ඉහළින් මිසයිල දෙකක් එල්ල කිරීම හමුවේ උද්ගත වූ ජාතික අර්බුදකාරී තත්වය ඉකුත් 25 වන දා හදිසියේ මහ මැතිවරණයක් කැඳවීමට හේතු විය.