ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණේ කාගේ වරදින් ද?: වෘත්තිකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් භාර දෙන්න..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණේ කාගේ වරදින් ද?: වෘත්තිකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් භාර දෙන්න..!

කර්තෘ Chathuranga Rajapaksha

23 Oct, 2017 | 8:39 pm

වර්තමානයේ වන විට දරුණු පසු බෑමකට ලක්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලීමේදී ඒ සඳහා වගකිය යුත්තේ කවුරුන්ද?

මෙම වසර තුළ පමණක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක්දින තරග 26 න් 21ක්ම පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජයට පත් එක්දින තරග ගණන 12 කි.

පුහුණුකරුවන්, නායකයින්, තේරීම් කමිටුව කණ්ඩායම හැර ගියේය.

විවිධ අවස්ථාවල විවිධ වෙනස්කම් සිදුවිය.

නමුත් නොවෙනස්ව පැවතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන සභාපති ධුරය සහ විධායක කමිටුව පමණි.

අප ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කිසිසේත්ම දොස් කියන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.

අප ඉතාම වගකීමෙන් අවධාරණය කර සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාණෙනි, අපට ඔබ සමග පෞද්ගලික තරහක් නොමැත.

නමුත්, පවුල් ක්‍රිකට් වාදයෙන් ඉවත් වී කරුණාකාර ක්‍රිකට් ක්‍රීඩාවේ නාමයෙන් වෘත්තිකයින්ට එය භාර දෙන්නැයි අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

ගරු ජනාධිපතිතුමනි, ක්‍රිකට් දේශපාලනයෙන් ඈත් කොට ක්‍රිකට් ක්‍රීඩාව පොදු මහජනතාවගේ දේපොළක් බවට පත් කරන්න.

එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ත් ජයග්‍රාහී මාවතට එළැඹේවී යැයි අප විශ්වාස කරන්නෙමු…!

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]